Friday, April 26, 2024

ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ” ද නිවුස් පේපර්”

ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද නිවුස්පේපර් හිමිකර ගනී බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේදි හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි.

මෙම චිත්‍රපටය කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල රංගන ශිල්පීන්ගේ අධ්‍යක්ෂණයක් වන අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදනයකි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ සහ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයක් වන “ද නිව්ස්පේපර්” (The Newspaper) සිනමාපටය බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ ආසියානු සිනමා තරඟය (Asian Cinema Competition) සඳහා නිර්දේශ වී තිබිණි.

ඒ අනුව, මාර්තු 03 සිට 10 වෙනිදා දක්වා ඉන්දියාවේ බෙංගලූර් නුවර පවත්වන ලද 13 වෙනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ (Bengaluru International Film Festival) ප්‍රධානතම තරඟකාරී අංශයක් වන “ආසියානු සිනමා තරඟය” (Asian Cinema Competition) හිදී ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට “ද නිව්ස්පේපර්” චිත්‍රපටය සමත් වී තිබේ.

සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නෙතලි නානායක්කාර, මාෂි සිරිවර්ධන, දායාදේව එදිරිසිංහ, ගිහාන් ප්‍රනාන්දු, ජයලාල් රෝහණ, පුබුදු චතුරංග යනාදී නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවෙන “ද නිව්ස්පේපර්” හි සම නිෂ්පාදනය රවින්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී ප්‍රේමසිරි විසින් සිදු කරන ලදි.

කැමරාකරණයෙන් චන්දන ජයසිංහ, සංස්කරණයෙන් රුක්මල් නිරෝෂන් , සංගීතයෙන් ගයාත්‍රී කේමදාස, කලා අධ්‍යක්ෂණයෙන් අජන්ත අලහකෝන්, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ චිත්‍රපටයට දායකත්වය ලබා දී ඇත.

ද නිව්ස් පේපර්, බෙංගලූරු සිනමා ඉතිහාසයේ ආසියානු තරඟ අංශය නියෝජනය කරන ලද 12 වන ශ්‍රී ලාංකීය සිනමා පටයයි.

“The News Paper” සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ සම අධ්‍යක්ෂණයෙන් නිමැවූවකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles