ඇමතිවරු මට කතා කරාම මම ශෙඩ් එකට කියලා ඩීසල් ඒ වාහන වලට ගස්සනවා – බලශක්ති ඇමති කියන කතාව

0
333

ඇමතිවරුන්ගේ වාහන සඳහා ඩීසල් සපයා දීම තමන්ගේ යුතුකමක් බැවින් ඔවුන්ට ඩීසල් ලබා දීම සිදුකරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සඳහන් කරයි.

අද (14) පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

බොහෝ ඇමතිවරුන් තමන්ට කතා කර ඩීසල් සොයා දෙන ලෙස ඉල්ලීමක් කරන බැවින් තමන් ඩීසල් තිබෙන ඉන්ධන පිරවුම්හල අමතා ඔවුන්ට පලමුව ඩීසල් ලබා දෙන ලෙස දන්වා සිටින බවද ඔහු සඳහන් කරයි.

ජනතාවට වඩා අමාත්‍යවරුන්ට යුතුකමක් සේ සලකා මෙම කටයුත්ත ප්‍රමුඛ කටයුත්තක් සේ සලකා කටයුතු කරන බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here