මහබැංකුව විසින් තවත් ඩොලර් මිලියන 152.54ක් වටිනා ශ්රී ලංකා සංවර්ධන බැදුම්කර අලෙවි කර තිබෙනවා.
පසුගිය 9 වන දා සිට 14 වන දා දක්වා පැවති මෙම බැදුම්කර වෙන්දේසිය සදහා ඩොලර් මිලියන 50ක් වටිනා බැදුම්කර ඉදිරිපත් කරනු ලැබුවා.
මාස 6කින් කල් පිරෙන එම බැදුම්කර සඳහා සියයට 9.48ක පොලී අනුපාතිකයක් හිමි වනවා.
ආයෝජකයන්ට එම බැදුම්කර 16 වන දා දක්වා තවදුරටත් මිල දී ගත හැකි බව මහබැංකුව ප්රකාශ කළේය.