Thursday, November 7, 2024

සජබය අද ජනපති ලේකම් කාර්යාලය වටලයි

සමගි ජන බලවේගය සංවිධාන කළ විරෝධතාවක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද පැවැත්වුණා. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.

රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් විරෝධතාව සංවිධානකර තිබුණේ “රට විනාසයි. දැන් ඇති. තවත් වනසන්න දෙන්න බෑ.” යන තේමාවෙනි.

ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ විරෝධතා පෙළපාලි පැමිණි අතර ඉන් එක් පෙළපාලියක් ආරම්භ වූයේ විහාර මහා දේවි උද්‍යානය අසලින්. එම පෙළපාලියට සජිත් ප්‍රේමදාස ද එක්වුණා.

අනෙක් පෙළපාලිය ආරම්භ වූයේ මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනය අසලින්. මේ හේතුවෙන් කොළඹ ඇතුළු අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ද ඇතිවුණා. විරෝධතා කරුවන් රථවාහන රියදුරන්ට අවහිර වන ලෙස ගමන් කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලට පිවිසිම වැළැක්විම සදහා දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබුනා.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරළි මර්දන කණ්ඩායම් හා ආරක්ෂක අංශ කැදවා ඇති ආකාරය දැකගත හැකි වුණා.

මෙම විරෝධතා පාගමන් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට සහ කොළඹ තවත් ස්ථාන කිහිපයක මාර්ග අවහිර වී තිබුනා.

ජනතාවට වහා සහන ලබාදෙන ලෙසටයි විරෝධතාකරුවන් මෙහිදී රජයට බල කර සිටියේ.

විරෝධතාවට සහභාගිවීම සඳහා දිවයිනේ නන් දෙසින් ජනතාව කොළඹට පැමිණ සිටි අතර සමගි සේවක සංගමය, සමගි වනිතා බලවේගය, සිවිල් සංවිධාන සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් ද විරෝධතාවට එක්ව සිටියා.

ජන රැළිය අවසානයේ විපක්ෂප නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාව ඇමතීම සිදුවූයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේදීයි.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබාගෙන ජනාධිපතිවරණය පවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි අභියෝග කළා.

විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් 2019 ජනාධිපතිවරණ ජයග්‍රහණය විවිධ පිරිස් කටයුතු කළ ආකාරයද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles