රුසියාව විසින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු එරට ප්‍රබලයන් තිදෙනෙකුට සම්බාධක පනවා තිබේ.
සම්බාධක පනවා ඇති සෙසු දෙදෙනා වන්නේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යන අයයි.
ඒ අනුව මෙම තිදෙනාට රුසියාවට ඇතුළුවීම තහනම් වන අතර ඔවුන්ගේ වත්කම් රුසියාවේ ඇත්නම් ඒවා තහනම් කිරීමටත් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එමෙන්ම කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝට ද රුසියාවට ඇතුළුවීම තහනම් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම ලැයිස්තුවේ ඉහළින්ම එක්සත් ජනපපදයේ ජනාධිපති බයිඩන් පසුවන අතර, අනතුරුව බ්ලින්කන් සහ ඔස්ටින් වෙති. ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාර්ක් මිලී, ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන්, සී.අයි.ඒ අධ්යක්ෂ විලියම් බර්න්ස් සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකිද ඒ අතර වෙති. ලැයිස්තුවේ තව දුරටත් පහළින්, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ බයිඩන්ගේ පුත් හන්ටර්ද ඇතුළත් වේ.
ඉහත ලැයිස්තුවේ නම් ඇතුළත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට රුසියානු සමුහාණ්ඩුවට ඇතුල් වීම සපුරා තහනම් වන බවත් ඉදිරියට තවත් නම් මෙම ලැයිස්තුවට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකාව පැනවූ සම්බාධකවලට පිළිතුරු වශයෙන් මෙම සම්බාධක පැනවූ බවත් ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.
රුසියාවේ මෙම සම්බාධක ලැයිස්තුවට නවතම එකතු කිරීම් ඊයේ ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, “වත්මන් එ.ජ. පරිපාලනය විසින් ගනු ලබන අතිශය රුසෝෆෝබික් (රුසියානු විරෝධී) රෝගයට ප්‍රතිචාරයක්” ලෙස එය විස්තර කර ඇත.
ලැයිස්තුවට ඇතුළත් කළ මෙම පුද්ගලයින්ගෙන් කිසිවෙකු රුසියානු සමූහාණ්ඩුවට ඇතුල් වීමට අවසරයක් නොමැත. කෙසේ වෙතත්, ක්‍රෙම්ලිනයේ ප්‍රකාශය කියා සිටියේ, “ඔවුන් අපගේ ජාතික අවශ්‍යතා සපුරාලන්නේ නම්” මොස්කව් ඇමෙරිකානු නිලධාරීන් සමග වූ සම්බන්ධතා ප්‍රතික්ෂේප නොකරන බවයි.
“නුදුරු අනාගතයේ දී” තවත් නම් ලැයිස්තුවට එකතු කෙරෙනු ඇති බව නිවේදනය තවදුරටත් අනතුරු ඇඟවීය. “රුසෝෆෝබික් හෝ රුසියාව කෙරෙහි වෛරය ඇති කිරීමට දායක වන ඉහළම එක්සත් ජනපද නිලධාරීන්, හමුදා නිලධාරීන්, නීති සම්පාදකයින්, ව්‍යාපාරිකයන්, විශේෂඥයින් සහ මාධ්‍යවේදීන්ද එසේ අසාදු ලේඛනගත විය හැකි බවට රුසියාව අනතුරු අඟවා තිබේ.