එක එක අය කියන කතා වලට බැසිල්ව මුදල් ඇමතිකමෙන් අයින් කරන්න බැහැ – අගමැති

0
317

එක එක මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රකාශ මත මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා දිනපතා පල වෙන පුවත් පතකට අදහස් දක්වා තිබෙනවා.

කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරයකු ඉවත් කිරීම හෝ පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව ද අගමැතිවරයා කියා සිටියේය. ඇතැම් මන්තී‍්‍රවරුන් පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීමට ඇමැති තනතුරු ඉවත් කිරීම සඳහා කොන්දේසි පනවන බවත් මේ වනවිට රටේ ඇතිවී තිබෙන තත්ත්වය විසඳීමට සහාය දීම මිස ආණ්ඩුව විවේචනය කිරීම විපක්ෂයේ කාර්ය භාරය නොවන බවත් අගමැතිවරයා එම පුවත් පතට පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here