Friday, May 3, 2024

දැන් අප සතු විදේශ සංචිත ප‍්‍රමාණය
ඇමරිකානු ඩොලර් මිලියන 300 යි.

මෙරට සතු භාවිතයට ගතහැකි විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 300 දක්වා පහත වැටී ඇති බව, මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්.ඒ.විජේවර්ධන මහතා පවසයි.

කෙසේ වෙතත්, මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 2300 ක විදේශ සංචිතයක් රට සතුව ඇති බව මහබැංකුව ප‍්‍රකාශ කරයි.

මහබැංකුව එසේ ප‍්‍රකාශ කරන්නේ චීනයෙන් ලබාගෙන ඇති යුආන් මූල්‍ය පහසුකමත්, රන් සන්චිතයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ඇති එස්.ඩී.ආර් සංචිතයේ වටිනාකමත් එකතු කිරීමෙන් බව හිටපු මහ බැංකු අධිපතිවරයා පවසයි.

ඒවා භාවිතයට ගත හැකි විදේශ සංචිත ලෙස නොසැලකෙන බවත්, ඒ සියල්ල ඉවත් කළ පසු – භාවිතයට ගත හැකි විදේශ සංචිත ලෙස ඉතිරිවන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ප‍්‍රමාණයක් බවත් හිටපු මහබැංකු අධිපතිවරයා පවසයි.

අද වෙළඳ පොළට නිකුත් කර තිබෙන දිවයින පුවත්පත මේ ප‍්‍රවෘත්තිය වාර්තා කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles