Wednesday, May 1, 2024

මහ බැංකු අධිපති සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා පවසා නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ එවැනි වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය මෙසේය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි මාගේ උපරිම විශ්වාසය ඇති අතර, රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රබල ශක්තියක් ලෙස ඔහු ක්‍රියාකරයි.

IMF දූත පිරිස, නිලධාරීන් ගැන සාකච්ඡා නොකළ අතර, මහ බැංකු අධිපති කබ්රාල් මහතා ද සහභාගි වූ එම හමුවේ දී සාකච්ජාවට ලක් වූයේ මුල්‍යමය ගැටළු පිළිබඳ පමණි.

මෙවැනි අසත්‍ය සහ ව්‍යාජ වාර්තා වලින් අධෛර්යයට පත් නොවන ලෙසත්, අප රටේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් අඛණ්ඩව ඉටුකරගෙන යන ලෙසත් මම මහ බැංකු අධිපති කබ්රාල් මහතා වෙත පෞද්ගලිකව දන්වා ඇත.

(ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ දැනුම් දීමකි.)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles