ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමයි

0
473

ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ නංවා ති‌‌බේ.මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම බදු ඉහළ නැංවීම මාර්තු මස 10වනදා සිට ආරම්භ වී ඉදිරි මාස 6ක් සඳහා බලපැවැත්වෙන බවයි. නව බදු ඉහළ යෑමත් සමග ආනයනික යෝගට්, ඇපල්, මිදි, චීස්ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යෑමට නියමිතයි රජයේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙලෙස බදු ඉහළ නැංවීම සිදු කර තිබෙනවා.

ඒ අනුව ඇපල් කිලෝ ග්‍රෑමයක බදු රුපියල් 200කින් , මිදි කිලෝග්‍රෑමයක බද්ද රුපියල් 100කින් ,දොඩම් කිලෝ ග්‍රෑමයක් සදහා බදු රුපියල් 75කින් , දෙළුම් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 100කින් ,යෝගට් කිලෝ ග්‍රෑම ග්‍රෑමයක් සඳහා බද්ද රුපියල් 200 කින්,  චීස් සදහා බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 400කින්ද ඉහළ නංවා ඇත.

අදාළ භාණ්ඩ සහ බදු ඇතුලත් ලේඛනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here