කිසිම කොන්දේසියක් නැතිව ඉන්දියාව අපිට ඩොලර් බිලියනයක්ම දුන්නා – බැසිල් කියයි

0
399

ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

සිය ඉන්දීය සංචාරය නිමා කරමින් යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එසේම ගොවි ජනතාවට අවශ්‍ය නැනෝ පොහොර තොග ලබාදීමට ද එහිදී එකඟ වූ බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙහෙත් ඇතුළු දෑ ලබා ගැනීමට ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදුන් බවත් එය ඊයේ (17) සිට ක්‍රියාත්මක වන බවයි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම ණය මුදල ලබාදීමේදී කිසිඳු කොන්දේසියක් නොදැමූ බවත් ණය වාරික ගෙවීම අවුරුදු තුනකට පසු සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here