පවතින ආර්ථික අර්බුදය හමුවෙි රාජ්‍ය සේවකයින්ගෙන් රජයට ඉල්ලීමක්

0
343

මෙරට පවතින ආර්ථික අර්බුද නිමාවන තුරු රාජ්‍ය සේවකයින් ප්‍රමාද වී පැමිණිම් සඳහා සහනයක් හෝ පෙර පැවති අත්සන් ලේඛන භාවිතයට ගන්නා ලෙස රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලීමක් කරයි.

රට තුළ පවතින විදුලි සහ ඉන්ධන අර්බුද හමුවේ ඇතිවන මාර්ග තදබද හේතුවෙන් ගමනාගමනයේ ඇතිවන දුෂ්කරතා හේතුවෙන් නියමිත වේලාවට රාජකාරි වාර්තාකිරීම ගැටලුවක් වී ඇති බවයි ඔවුන් සදහන් කරයි.

ඇගිලි සලකුණු යන්ත්‍රය භාවිතයට ගැනීමේදී ප්‍රමාදවී පැමිණීම් සදහා සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා වැඩි දුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here