Saturday, April 27, 2024

රටට හෙනහුරා ලැබුවේ විධායක ජනාධිපති ධුරය නිසා. එය අහෝසි කළ යුතුමයි.

රට විනාශයට ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු බවත් එවිට රට ප්‍රජාතන්ත්‍රවාදී වී ලෝකය සලකන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත සමුළුව අමතමින් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත සමුළුව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නයිවල සණස ශාලාවේදී පැවැත්වුණි.

19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය .

ඔහු තවදුරටත් සදහන් කළේ කෙතරම් වැරදි වැඩ කළත් කිසිදු දේශපාලඥයකු මෙතෙක් හිරේ දමා නැති බවය.

අන්තිමේ ඔවුන් නිදහස් වන බවද ඒ තත්ත්වය තුළ විගණන කොමිසම පැවැතිම ඉතා වැදගත් වන බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් රජය මෙම කොමිසම අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදීමට බවට උගතුන්ට වියතුන්ට මෙන්ම ජනතාවට ප්‍රශ්නයක් වන බවද ප්‍රකාශ කළේය.

මෙරට 19 වැනි සංශෝධනයෙන් ඇති කළ ස්වාධීන කොමිෂන් සභා ඉතා වැදගත් වූ කාර්යභාරයක් ඉටුකළ බව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

අද වනවිට රටෙි පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීම අත්‍යවශ්‍ය බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles