අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් වෙනුවෙන් මුදල් ගෙවා නෑ.සැපයීම් නැවතීමෙි අවදානම් තත්ත්වයක

0
317

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෞද්ගලික සමාගම්වලින් ලබා ගන්නා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් වෙනුවෙන් රුපියල් කෝටි 1000 ක පමණ හිග මුදලක් ගෙවීමට ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේය.

තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන වෛද්‍ය සැපයුම් නතර කිරීමට එම සමාගම් තීරණය කර ඇතැයි සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.ඒ හේතුවෙන් රසායනාගාර පරීක්ෂණ නතර වීමේ අවදානමක් හට ගෙන ඇති බවද ඔහු සදහන් කළේය.

මෙම රසායනාගාර පරීක්ෂණ සඳහා අදාල ප්‍රතික්‍රියක නොලැබීම මත දැනටමත් ඇතැම් පරීක්ෂණ නතර වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.තත්ත්වය මෙහෙම වෙනකොට සෞඛ්‍ය අමාත්‍යංශය ඇතැම් වෛද්‍ය උපකරණ වැඩි මිලකට ගජමිතුරන්ගෙන් මිලදී ගන්නා බවද ඔහු චෝදනා කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here