Tuesday, April 30, 2024

ඇමති ගාමිණී ලොකුගේ ගේ රියැදුරු ඝාතනය කරයි

බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ ගේ රියදුරාට අද සවස පොලු මුගුරුවලින් පහර දී සහතියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවපොලිසිය සඳහන් කර සිටිනවා.

කැස්බෑව පොලීසිය සදහන් කළේ එම රියදුරුගේ පිළියන්දල මාවිත්තර පිහිටි නිවස ඉදිරිපිටදී ඊයේ (21) දින රාත්‍රී 8.00ට පමණ පැමිණි යතුරුපැදිකරුවකු විසින් තියුණු ආයුධයකින් ඇණ ඇති බවයි .

පසුව එම පහරින් බරපතල තුවාල ලැබු ඇමතිවරයාගේ රියදුරා පිළියන්දල රෝහලට ඇතුලත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලීසිය සදහන් කළේය.

සිය නිවස ඉදිරිපිට මාර්ගයේ වේගයෙන් යතුරුපැදියක් ධාවනය කරමින් සිටි තරුණයෙකුට වේගයෙන් යතුරුපැදිය ධාවනය නොකරන ලෙස සිදුකළ අවවාදයක් නොරිස්සිමෙන් ඔහු ඇතුළු පිරිසක් මෙම රියැදුරුට පහරදී ඝාතනය කර ඇති බවයි මුලික පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත්තේ.

පසුව ඔහු ඇතුළු එම පිරිස් ඔහුට පිහියකින් ඇණ පළාගොස් ඇතැයි පොලීසිය සදහන් කළේය.

එම ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල පදිංචි වයස අවුරුදු 41ක් වූ ඈපාසිංහගේ කණිෂ්ක නැමැත්තෙකු බව පොලීසිය සදහන් කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැස්බෑව, මාවිත්තර ගම්මාන වත්ත පාරේ පදිංචිව සිටි හතළිස් එක් හැවිරිදි ඈපාසිංහගේ කණිෂ්ක නමැති දෙදරු පියෙකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles