සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 6 ක ප්‍රදානයක්

0
308


මෙරට සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා අමරිකානු ඩොලර් මිලියන 06ක ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙනවා.

එකී ප්‍රදානයට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතයි.

එම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ හාරත් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම අතර ගිවිසුමට අත්සන් තැබීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම මේ මධ්‍යස්ථානයට උපකරණ ලබාදෙන ඉන්දියාවේ භාරත් ඉලෙක්ට්‍රොනික් සමාගම සමග තවත් ගිවිසුමකට අත්සන් කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් සදහන් වෙි.

එම යෝජනාව ඉදිරිපත් කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

මේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමකැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here