යුක්‍රේන සරණාගතයින්ගේ මානසික සෞඛ්‍ය පිරිහී ඇතැයි WHO අනාවරණයක්

0
333


යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වී මාසයකට ආසන්න කාලයක් තුළ රුසියාව විසින් යුක්‍රේනයේ සෞඛ්‍ය සේවා පහසුකම් සපයන ආයතන වෙත අවස්ථා 62 ක දී පහර දී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම ප්‍රහාර වලින් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර අවම වශයෙන් තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම සංවිධානය නිවේදනය කළේ.

මේ අතර, යුධ වාතාවරණය හේතුවෙන් පෝලන්තයට සංක්‍රමණය වූ යුක්‍රේන සරණාගතයින් ලක්ෂ 05 කගේ මානසික සෞඛ්‍ය පිරිහී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෝලන්ත නිලධාරීන් පෙන්වා දෙනවා.

එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව මිලියන 3යි දශම 5 ක ජනතාවක් යුක්රේනයෙන් පලා ගොස් ඇති අතර එය මිලියන හතර ඉක්මවා යා හැකි බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here