යුක්‍රේන අර්බුදය හේතුවෙන් ආහාර නොමැතිව පීඩාවට පත් සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යයි

0
416

නිමක් නැතිව දිගින් දිගටම ඇදෙන රුසියානු – යුක්‍රේන අර්බුදය හේතුවෙන් ආහාර නොමැතිව පීඩාවට පත්ව සිටින සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.

මෙම තත්ත්වයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ යුක්‍රේන දේශ සීමාවේ සිටින සරණාගතයින්. අද(22) අළුයම නිකුත්වූ නවතම දත්තවලට අනුව ආහාර හිඟකමින් පීඩාවට පත්ව සිටින යුක්‍රේන වැසියන් සංඛ්‍යාව තුන් ලක්ෂ 30,000 අධිකයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පැවසුවේ එම ජනතාව වෙනුවෙන් පාන් මෙට්‍රික් ටොන් 78,000 ක් ලබාදීමට කටයුතු කර ඇති බවයි.

අධි පෝෂිත බිස්කට් මෙට්‍රික් ටොන් 26,000 ක් ද බෙදා හැර තිබෙනවා. එළවළු තෙල් මෙට්‍රික් ටොන් 325 ක්ද, තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 478 ක්ද ජනතාවට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ. ටින් කළ ආහාර මෙට්‍රික් ටොන් 02 ක් ද ජනතාවට බෙදා දුන් බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here