Friday, April 26, 2024

චීන පොහොර නැව ආයෙත් ලංකාවට එනවලු

මෙරටට චීන පොහොර නැව අනිවාර්යෙන්ම නැවත ලංකාවට එන බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සදහන් කළේය.

එම පොහොර නැවට කලින් වර ගෙවීම් කර ඇති බැවින් මෙවර ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා චීන සමාගමේ නිර්දේශ අනුව ලෝකය පිළිගත් පර්යේෂණාගාරයක ද ලාංකික පර්යේෂණාගාරයකද පරීක්ෂණ කටයුතු කොට එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බව සදහන් කළේය.

මෙරට ලාංකික පර්යේෂණාගාරවල පොහොර පරීක්ෂා කොට අසමත් වුවහොත් එම පොහොර ගෙන්වන්නේ නැතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා මුලින් ගෙවූ ගානටම නැවත පොහොර ලබාදීමට එම සමාගම එකඟ වූ අතර එයින් ලංකාවට ලොකු ලාභයක්ද ලැබෙන බව සඳහන් කළේය.

තවත් දින විසි හයක් ඇතුළත එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී වත්මන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles