චීන විදේශ ඇමති හදිසියේම නේපාලයට

0
557

චීන විදේශ ඇමති වැන්ග් යී නේපාලයේ හදිසි සංචාරයක නිරත වී තිබේ.

මාර්තු 25 සි‍‍ට 27 දක්වා තෙදිනක් ඔහු නේපාලයේ සංචාරය කළ අතර 2019 ඔක්තෝම්බර් මාසයේදී චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ සංචාරයෙන් පසු ජ්‍යෙෂ්ඨ චීන නියෝජිතයෙකු නේපාලයේ කරන පළමු නිළ සංචාරය මෙයයි.

වැන්ග් පසුගියදා පාකිස්ථානයට පැමිණි අතර එහිදී සාමාජිකයන් 50කට අධික සංඛ්‍යාවකගේ සමාජිකත්වයෙන් යුත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමක විශේෂ ආරාධිතයෙකු ලෙස අමතනු ලැබිණ.

මතභේදාත්මක ඇමරිකානු සංවර්ධන ව්‍යාපෘතියක් වන එම්සීසී හේතුවෙන් මෑතකදී නේපාලය සමඟ චීනයේ සබඳතා පළුදු වී තිබේ.

චීනයේ දැඩි විරෝධය නොතකා, එක්සත් ජනපදය සමඟ 2017 මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමක් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ප්‍රදානයක් පිළිගැනීමට නේපාල ආන්ඩුව ගත් තීරණය එරට පාර්ලිමේන්තුවද පසුගියදා අනුමත කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here