පකිස්තාන අගමැති ඉම්රාන් සමග මාධ්‍යයත් ගැටෙයි.

0
339
Pakistan's Prime Minister Imran Khan speaks during a joint news conference with Afghan President Ashraf Ghani (not pictured) at the presidential palace in Kabul, Afghanistan November 19, 2020. REUTERS/Mohammad Ismail - RC2C6K9V0433

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් එරට මාධ්‍ය සම්බන්ධයෙන් කළ චෝදනා ඔප්පු කරන ලෙස එම මාධ්‍ය ආයතන ඔහුට අභියෝග කර ඇති බව ඩේලි ටයිම්ස් පුවත්පක වාර්තා කර තිබේ.

පාකිස්තානයේ ඇතැම් මාධ්‍ය ආයතන යම් දේශපාලන පක්ෂ විසින් මිල දී ගෙන ඇති බවටත් අනෙක් ඒවා තමන්ගේ පරිපාලනය අස්ථාවර කිරීම සඳහා විදේශීය මූලාශ්‍රවලින් අරමුදල් ලබා ගන්නා බවටත් අගමැති ඉම්රාන් ඛාන් චෝදනා කර තිබිණ.

ඩේලි ටයිම්ස් පුවත්පතේ කතුවැකිය මගින් සදහන් කර ඇත්තේ පාකිස්තාන රජයේ යම් ආයතනයක් මගින් අදාළ චෝදනා පිළිබද පරීක්ෂණයක් පවත්වා අදාළ චෝදනා තහවුරු කිරීමට සාක්ෂි තිබේ නම් පමණක් අගමැතිවරයාගේ චෝදනාව පිළිගත හැකි බවයි.

එහෙත් එවන් කිසිවක් සිදු නොකර නගන හුදු චෝදනා, පාකිස්ථාන අගමැතිවරයා තමන්ට එරෙහි විශ්වාසභංගයේ පීඩනය නිසා තම කලකිරීම පිට කිරීමට කරන පදනම් විරහිත ප්‍රකාශ බව එහි වැඩිදුරටත් සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here