තවත් තිරිගු ආධාරයක් ඉන්දියාවෙන් ඇෆ්ගනිස්තානයට

0
348

මානුෂීය ආධාර ලෙස ඉන්දියාවෙන් ඇෆ්ගනිස්ථානයට යැවීමට නියමිත තිරිඟු මෙට්‍රික් ටොන් 50,000 හි පස්වන තොගය ලෙස තවත් තිරිඟු මෙට්‍රික් ටොන් 2,000 ක් අට්ටාරි වාගා දේශ සීමාව හරහා ඇෆ්ගනිස්ථානය වෙත යැවීමට පියවර ගෙන තිබේ.

දැඩි ආහාර හිඟයකින් පෙළෙන ඇෆ්ගනිස්ථානට මානුෂීය ආධාර ලෙස තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 50,000 ක් යැවීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් විය.

ඉන්දියාවෙන් යැවූ පළමු තිරිඟු ටොන් 2,500 ක මානුෂීය ආධාර තොගය පාකිස්තානය හරහා ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් වෙත ළඟා වූයේ පෙබරවාරි 26 වෙනිදාය.

මේ අතර, තිරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් ඉන්දියාවේ මානුෂීය ආධාරයේ දෙවන රථ පෙළ මාර්තු 3 වන දින අම්රිට්සාර් හි අට්ටාරි සිට ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් වෙත ළඟා වී තිබිණි.

තිරිඟු මෙට්‍රික් ටොන් 2,000 ක සිව්වන තොගය මාර්තු 15 වන දින අට්ටාරි වාගා දේශසීමාව හරහා ඇෆ්ගනිස්ථානය වෙත යවනු ලැබිණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here