තලේබාන්ලා කාන්තාවන්ට සහ පිරිමින්ට එක්වර උද්‍යානවලට යාමත් තහනම් කරති.

0
358

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් විසින් කාන්තාවන් සහ පිරිමින් එකවර පොදු විනෝද උයන් සදහා පිවිසීම තහනම් කර තිබේ.

ඒ අනුව , බදාදා සිට සෙනසුරාදා දක්වා උද්‍යාන සදහා පිවිසීමට හැකියාව ඇත්තේ පිරිමින්ට පමණයි.

ඉරිදා සිට අගහරැවාදා දක්වා කාන්තාවන්ට උද්‍යාන සදහා පිවිසීමට අවසර ලබා දී තිබේ.

මේ වන විට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් එරට තුළ දැඩි මූලධර්මවාදී පාලනයක් ස්ථාපිත කරමින් සිටින අතර ඔවුන් විසින් කාන්තාවන්ට හය ශ්‍රේණියෙන් ඉහළට අධ්‍යාපනය ලැබීම ද තහනම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here