ඇෆ්ගනිස්තානයේ මානව හිමිකම් කඩකිරීම් ඉහළයාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධානයන්හි කනස්සල්ල

0
391

වත්මන් ත‍ලේබාන් පාලකයන් විසින් ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නෙස්ටි ආයතනය සිය වාර්තාවක් මගින් දැඩි කණස්සල්ල පළ කර තිබේ.

පසුගිය මාස දෙක තුළ පමණක් ළමුන් ඇතුළු 60 කට වැඩි පිරිසක් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් බලධාරීන් විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම හෝ අතුරුදහන් කර ඇති බව ද එම වාර්තාව සදහන් කරයි.

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, නීති විරෝධී රඳවා තබා ගැනීම් සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හදුන්වා ඇත්තේ ජනතාවගේ හඬ නිශ්ශබ්ද කිරීමට තලේබාන් පාලකයන් අනුගමනය කරන නවතම උපක්‍රමය ලෙසිනි .

වත්මන් ඇෆ්ගන් ආණ්ඩුවේ පාලනය යටතේ මාධ්‍ය නිදහසේ දැඩි පිරිහීමක් තමන් විසින් නිරීක්ෂණය කර ඇති බව ඇම්නෙස්ටි සංවිධානයේ කාන්තා අයිතිවාසිකම් අංශයේ සහකාර අධ්‍යක්ෂ හීදර් බාර් සදහන් කරයි.

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද විශේෂ නියෝජිත තෝමස් වෙස්ට් ද පවසා ඇත්තේ මාධ්‍යවේදීන්ව මෑතකදී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම වැඩිවී ඇති බවත් ඒ ගැන තමන් ද දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here