Saturday, April 27, 2024

ජම්මු සහ කාශ්මීරයේ ආක්‍රමණවල අඩුවීමක්


ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ පාලන රේඛාව හරහා ආක්‍රමණ හෝ අනවසරයෙන් ඇතුළුවීම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව අනාවරණය වේ.

ඒ අනුව 2018 සහ 2021 අතර කාලය තුළ දී දේශසීමාවේ අනවසරයෙන් ඇතුළුවීම් වාර්තා වී ඇත්තේ 366 ක් පමණක් බව සදහන් වේ.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිත්‍යානන්ද රායි මෙම කරුණු හෙළිකර ඇත්තේ එරට පාර්ලිමේන්තුවට සිදුකරන ලද කරුණු දැක්වීමක දීය.

කෙසේවෙතත්, තවමත් ත්‍රස්තවාදීන් යැයි සැකකෙරෙන සැලකිය යුතු පුද්ගලයන් සංඛ්‍යාවක් කාශ්මීර දේශසීමාවට නුදුරින් පාකිස්ථානයේ හෝ පාකිස්ථානු කාශ්මීරයේ විවිධ ස්ථානවල රැඳී සිටින බව නිරීක්ෂණය වී ඇතැයි ද ඔහු මෙහිදී පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles