Saturday, April 27, 2024

පාකිස්ථානයේ ආගමික ප්‍රචණ්ඩත්වය ඉහලට

පාකිස්ථානයේ ආගමික ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමට ඉම්රාන් ඛාන් රජයට නොහැකි වීමත් සමඟ මෑත වසරවලදී එවැනි සිදුවීම් රට තුළ භයානක මට්ටමකට ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පාකිස්ථානය තුළ ඉස්ලාමයට එරෙහි කරන වැරදි සම්බන්ධයෙන් ඝාතන සිදුවීම අලුත් දෙයක් නොවන අතර, ආගමට අපහාස කිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් වේ.

එවැනි අපහාස කිරීම් සම්බන්ධයෙන් ඇතැම් මැර කල්ලි විසින් නීතිය සියතට ගෙන කටයුතු කිරීම මෑත කාලීනය කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක දැක්වේ.

ඉම්රාන් ඛාන් පකිස්තානයේ ප්‍රචණ්ඩත්වය මැඩලීමට කරන ලද ප්‍රතිඥාව හුදු ප්‍රකාශයක් පමණක් බවත් ,ඔහු ඒ සඳහා කිසිදු ප්‍රායෝගික පියවරක් ගෙන නොමැති බවත් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් මේ අතරවාරයේ පවසා තිබේ.

මේ අතර ආගමික අපහාස ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ අයගෙන් සියයට 90ක්ම වයස අවුරුදු 18ත් 30ත් අතර අය බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ පවසා ඇතැයි ද එරට වාර්තාවල දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles