පකිස්තානය තවදුරටත් චීන ණය උගුලේ සිරවෙයි

0
588

පකිස්තානයේ karot ජල විදුලි ව්‍යාපෘතිය සඳහා චීනය ඉහළ පොලී අනුපාත අය කරන බවත්, පොලී අනුපාතය සියයට 5.11ක් තරම් දරාගත නොහැකි ඉහළ මට්ටමක පවතින බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායලයේ වාර්තාවක දැක්වේ.

මෙවැනි, ඉහළ පොලී අනුපාත, දැඩි ආපසු ගෙවීමේ කොන්දේසි සහ විනිවිදභාවය නොමැති ව්‍යාපෘති හේතුවෙන් චීනයේ එක් තීරයක් එක් මාවතක් මුලපිරීම (BRI) යටතේ පකිස්තානය ණය උගුලක සිරවී ඇතැයි ද එම වාර්තා වේ සදහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යයනයකට අනුව, පකිස්තානයේ විදේශ ණය 2021 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 90.12 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉස්ලාමාබාද් රජය චීනයට ඩොලර් බිලියන 24.7 ක් එනම් පකිස්තානයේ ණය බරින් සියයට 27 කට වඩා ණය ගෙවිය යුතු බව පැවසේ.

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසා ඇත්තේ සැඟවුණු සහ ස්වෛරී ණයවල බර ඉදිරි දිනවලදී පකිස්තානයේ කනස්සල්ලට ප්‍රධාන හේතුවක් වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here