යුක්රේන ගැටුමෙන් චීන-රුසියානු ආරක්ෂක සබඳතාවලට බලපෑම්

0
588
Smoke rises after an airstrike, as Russia's attack on Ukraine continues, in Lviv, Ukraine March 26, 2022. REUTERS/Vladyslav Sodel - RC2DAT9STC7H

චීනයේ හමුදා මිතුරකු වන ‍රුසියාව,පවතින යුක්රේන යුද්ධය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින අතරවාරයේ, ඉන් ප්‍රයෝජන ගනිමින්, චීනය සිය හමුදාව සහ න්‍යෂ්ටික අවි නවීකරණය කිරීම වේගවත් කිරීමේ කටයුතු සිදුකිරීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රධානියෙකු වන ජේම්ස් ක්‍රික්ටන් පෙන්වා දී ඇත්තේ චීනය සහ රුසියාව සමීප ආරක්ෂක හවුල්කරුවන් වුවද එය මොස්කව් වලට වඩා බීජිං වෙත වැඩි වාසිදායක සම්බන්ධතාවයක් බවයි.

රුසියාවට අවශ්‍ය වන්නේ තම හමුදා පුහුණු සංකල්ප සහ තාක්ෂණය විකිණීමට වන බවත් චීනයට අවශ්‍ය වන්නේ තම හමුදාව නවීකරණය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම බවත් පෙන්වා දී ඇති ඔහු මේ තත්වය ප්‍ර‍යෝජනයට ගෙන චීනය දැවැන්ත ආරක්ෂක වර්ධනයකට යා හැකි බවට අනතුරැ අගවා තිබේ.

බටහිර රටවල් රැසක් දදැනටමත් මේ තත්වය පිළිබද අනතුරැ අගවා ඇති අතර යුක්රේන ආක්‍රමණය හේතුවෙන් දිගින් දිගටම රුසියාවට අහිතකර බලපෑමක් ඇතිවුවහොත්, ආරක්ෂක සහයෝගීතාවයේ තුලනය චීනයට වැඩි වාසි එක්කරනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here