ඉම්රාන්ගේ පක්ෂය මැතිවරණ කොමිසමත් නොමඟ යවයි

0
641

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් නියෝජනය කරන පාලක ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විදේශ අරමුදල් පිළිබද නඩු විභාගයේ දී කරුණු සාවද්‍ය ලෙස ඉදිරිපත් කරමින් එරට මැතිවරණ කොමිසම හිතාමතාම නොමඟ යවා ඇති බව අනාවරණය වී තිබේ.

පාකිස්තාන ජාතික සභා කථානායක ඇතුළු පක්ෂයේ ප්‍රධාන නායකයින්ගේ නමින් ඇති බැංකු ගිණුම් 11ක් ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔවුන් මෙය සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

පාකිස්ථාන මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලද පාලක පක්ෂයේ ප්‍රකාශය පාකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් හි නිල ලේඛනවලට පටහැනි බව පැවසේ.

පීටීඅයි පක්ෂයේ මධ්‍යම මූල්‍ය දෙපාර්තමේන්තුවට එම ගිණුම් කිහිපයක් පිළිබඳව පූර්ණ දැනුමක් තිබූ බවත් විමර්ෂණවලදී හෙළිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here