දඩයම ඇරඹේ

0
867

නුගේගොඩ මහරගම අංක 119 මාර්ගය වසා දැමීමත් සමග පොලීසිය විමර්ශන කටයුතු වේගවත් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඊයේ උද්ඝෝෂණයට සහභාගී වූ සහ කලහකාරී ලෙස හැසුරුණු පිරිස් වීඩියෝ දර්ශන පිරික්සමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.

විරෝ්ධතාකරුවන් 45 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන කිහිපයකටම අලාභහානි සිදුව ඇතැයි වාර්තා වේ. පොලීසියේ කිහිපදෙනෙකු තුවාල ලැබූවන් අතර සිටින බවට වාර්තා ලැබී ඇත. තත්ත්වය පාලනයකිරීමට ඊයේ අතිරේක හමුදා බළඇණි මිරිහානට කැඳවීමට පියවර ගැණුනි.

අත්අඩංගුවට ගැනීම් හරහා ඉරිදා (03) වැනිදා රටපුරා එකම විටක පැවැත්වීමට නියමිත නිදහස් සහ සාමකාමී ජන විරෝධතාව අධෛර්යයට පත්කිරීම අරමුණ විය හැකි බව දේශපාලන නිරීක්ෂකයෝ මත පළ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here