පකිස්තානයත් ඔන්න මෙන්න

0
617

පකිස්තානය, ආර්ථිකමය වශයෙන් දැඩි අවදානමට ලක්ව ඇති රටක් ලෙස එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව විසින් (UNCTAD) ලැයිස්තුගත කර තිබේ.

කොවිඩ්-19 වසංගතය, යුක්රේන යුද්ධය, හමුවේ පකිස්තානයේ ණය බර වැඩි වී ඇති අතරම, ඉන්ධන, ආහාර සහ පොහොර මිල ඉහළ යාමද පකිස්තානයට බරපතල ගැටලුවක් වීඇති බව UNCTAD මහලේකම් රෙබෙකා ග්‍රින්ස්පන් පෙන්වා දෙයි.

විශේෂයෙන් විදේශ ණය කලමනාකරණය සම්බන්ධයෙන් පකිස්තානය දැඩි අර්බුදයට ලක්ව බව ද ඇය සදහන් කරයි.

මෙම තත්වය තුළ, පාකිස්ථානය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට බාහිර උපකාරයකින් තොරව මුහුණ දීමට නොහැකි වන බවත් ඔවුන්ගේ ණය ගැටලු සඳහා කඩිනම් විසඳුම් අවශ්‍ය බවත් ඇය පෙන්වා දෙයි.

නැතහොත් ඉහළ ණය සේවා මට්ටම් හේතුවෙන් ඔවුන්ගේ ආර්ථිකයන් සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් ඇති බව ඇය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here