නගරවල උද්ඝෝෂණ වල යෙදුනු ජනතාවෝ රාත්‍රියේ කොළඹ වටකරති…

0
800

කිහිප පැත්තකින් ඇදෙන විශාල තරුණ ගංගාවක් නිසා ගෝල්ෆේස් පිටිය, ලිප්ටන් වටරවුම සහ නිදහස් චතුරශ්‍රය පිරී පවතින බව වාර්තා වේ.

කිසිදු කලහකාරි සිදුවීමක් සිදු නොවීම විශේෂත්වයකි.

ජනප්‍රිය කලාකරුවන්, ව්‍යාපාරිකයින් සහ වෘත්තිකයන් මෙන්ම අවුරුදු 20-30 අතර වයස් වල පසුවන තරුණයින් මේ අතර වෙයි.

ඔවුන් සියලුම දෙනා ජනපති හා අගමැති ධුර හැරදා ගෙදර යා යුතු බව කියමින් උද්ඝෝෂණයේ යෙදේ.

මේ අතර රෝහිත අබේගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, කාංචන විජේසේකර, ගාමිණී ලොකුගේ ඇතුළු අමාත්‍යවරු රැසකගේ නිවෙස් වටලා උද්ඝෝෂණය කිරිමට විරෝධතාකරුවන් කටයුතු කොට තිබුණි. පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර මගින් ඒ උත්සාහයන් ව්‍යාර්ථ කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here