ජනපති සමග විශ්ව විද්‍යාල හදන්න ගිය සෙන්දිල් පැය කිහිපයකට පසු ඔහු දමා යයි..!

0
630

ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පවත්වා තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ ඉල්ලීමට අනුව උඩරට විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සැලසුම් කිරීම, රුපියල් දහසක වතු කම්කරු වැටුප සහ ගුරු සහායක පත්වීම් ඇතුලු කරුණු කිහිපයක් එහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම හමුව සඳහා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමාන්, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් රමේෂ්වරන් ඇතුලු පිරිසක් එක්ව තිබෙනවා.

ඉන් පැය කිහිපයකට පසුව අමාත්‍ය ජීවන් තොන්ඩමාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර ලංකා කම්කරු කොන්ග්‍රසය ආණ්ඩුව හැරදමා ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here