රුසියානු ගෑස්වලට පුටින්ගෙන් අලුත් කොන්දේසියක්

0
700
Russia's President Vladimir Putin attends a session of the lower house of parliament to consider constitutional changes in Moscow, Russia March 10, 2020. Sputnik/Alexei Nikolsky/Kremlin via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY.

සියලුම විදේශීය ගැණුම්කරුවන් තම රටේ ගෑස් සඳහා වන ගෙවීම් රූබල්වලින් පමණක් ගෙවිය යුතු බවට වන නියෝගයකට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් අත්සන් තබා තිබේ.

එසේ ගෙවීම් එසේ සිදු නොකරන සියලුම කොන්ත්‍රාත්තු නතර කරන බවට ද පුටින් රූපවාහිනි මාධ්‍යය ඔස්සේ පැවසූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

සම්බාධක නිසා රුසියාවේ මුදල් ගිණුම් අත්හිටුවූ පසු බටහිරට රුසියානු ගෑස්වලින් කොටසක් නොමිලේ ලැබුණු බවට ද ජනපති පුටින් මෑතක දී චෝදනා කර තිබිණ.

කෙසේවෙතත්, ජනාධිපති පුටින්ගේ මෙම නියෝග ප්‍රතික්ෂේප කරමින් බටහිර සමාගම් සහ ආණ්ඩු පවසා ඇත්තේ මෙය දැනට පවතින කොන්ත්‍රාත්තු කඩ කිරීමක් බවයි.

එම කොන්ත්‍රාත් යටතේ ඩොලර්වලින් සහ යුරෝවලින් ගෙවීම් සිදු කරන බැවින් මෙම නව අදහස කොන්ත්‍රාත්තු කඩ කිරීමක් බව ඔවුන් අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here