ගාලු මුවදොර පාපොච්චාරණ මධ්‍යස්ථානයක් වෙයි! – බොනිෆස් පෙරේරාත් කළකිරෙයි….

0
1237
????????????????????????????????????

තමන් ද ජනතා අරගලයට එක්වන බව වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි. ඔහු පැවති සෑම රජයකම මොනයම් හෝ තනතුරක් දැරූ බව ප්‍රසිද්ධ කරුණකි.

ඔහු සිය බිරිඳ වන ප්‍රීති රන්දෙනිය මහත්මියගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

තැබූ බලාපොරොත්තු බොඳ වෙමින් රට දිනෙන් දින අර්බුදයට ඇද වැටුණු බව ද ඔහු සටහන් කර තිබේ.

මේ අතර ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ලිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ගී පද රචක සුනිල් ආර් ගමගේ මහතා සඳහන් කර ඇත. එමෙන්ම ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය සෝමරත්න දිසානායක, ජැක්සන් ඇන්තනී, ජයන්ත චන්ද්‍රසිරි ඇතුළු ආණ්ඩුවට හිතවත් කලාකරුවන් රැසක් මෙසේ සිය කළකිරීම හා කනගාටුව පවසමින් ගාලු මුවදොර අභය භූමියට පැමිණ තිබේ.ෙ

එම ගීතය ගායනා කළ සහේලි ගමගේ මහත්මියද ගීතය ගැයීම පිළිබඳව ෆේස් බුක් ගිණුම ඔස්සේ ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත.

හෙට දිනයේ මධුමාධව අරවින්ද, ඉරාජ් වීරරත්න පැමිණියද විරෝධතාකරුවන් ඔවුන් පිළිගනු ලබනු ඇත!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here