මට සමාව එපා – රන්ජන් කියයි…

0
682
ranjan

තමන්ට ජනාධිපති සමාව අවශ්‍ය නොමැති බව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරව පසුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසා තිබෙනවා.

අදට යෙදී ඇති සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රන්ජන් රාමනායක මහතා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔහු මේ බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.

නියමිත සිර දඬුවම අවසන් කර නිදහස්ව පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව රන්ජන් රාමනායක මහතා එහිදී පැවසූ බවයි මනූෂ නානායක්කාර මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here