වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සැපයුම සීමා කර ඇත.

0
675

මෝටර් රථ, වෑන්, ජීප් රථ සඳහා පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම වාහන සඳහා ඉන්ධන නිකුත් කරන්නේ රුපියල් 5000ක් දක්වා පමණයි.

යතුරුපැදි සඳහා ඉන්ධන නිකුත් කිරීම රුපියල් 1000කට සීමා කර ඇති අතර ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන නිකුත් කරන්නේ රුපියල් 1500ක සීමාවක් සඳහා පමණයි.

බස් රථ, ලොරි රථ සහ වානිජ කටයුතු සඳහා යොදා‍ ගැනෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහන සඳහා මෙම සීමාව අයත් නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම සීමා කිරීම අද (15) දිනයේ දහවල් 01.00 සිට ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා. මෙය මෙම මස අවසන් වන තුරු බලපැවැත්වේ.

ඒ අනුව යතුරු පැදි -රු.1000 ත්රෝද රථ – රු.1500 කාර්,වෑන් සහ ජීප් සදහා – රු.5000ක් වශයෙන් උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here