තරගයේ හත් වැනි දිනයේදී සිදත්, අර්ජුන සමග චම්පක පිටියට…

0
383

යුක්තිය ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් මහතා විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට ශ්‍රී ලංකාව බිහිකළ විජයග්‍රාහී නායකයා ලෙස සැලකෙන අර්ජුන රණතුංග මහතාත්, හිටපු වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක මහතා සමග අග්‍රගණ්‍ය පිතිකරුවෙක් ලෙස සැලකෙන සිදත් වෙත්තමුනි මහතාද එක්ව සිටීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන  අඛණ්ඩ විරෝධතාවයට සතියක් සම්පූර්ණ වී තිබියදීත් ආහාර පාන ඇතුළු සියලුම පහසුකම් අඛණ්ඩව ලබමින් තිබෙන බව එම ස්ථානයේ සිටින විරෝධකරුවෝ පවසති. 

විරෝධතාකරුවන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ඖෂධ, විවේකය සඳහා අවශ්‍ය පහසුකම් සහ වෙනත් සියලුම පහසුකම් අඛණ්ඩව ලැබෙන බවත් පරිත්‍යාගශීලීන් ඇතුළු ජනතාව ඔවුන්ට හැකි පමණින් භාණ්ඩ ලබා දීමට කටයුතු කරන බවත් ඔවුහු කියති.

විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් ද විරෝධතාවය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදෙන බවත් දෙන බවත් විරෝධතාකරුවෝ සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here