කෝටි 100 ක් වන්දි ඉල්ලා පාඨලි උසාවි යයි.

0
620

අමාත්‍ය චම්පික රණවක ගල් අඟුරු වංචාවට සම්බන්ධ බවට මව්බිම පුවත්පත අවස්ථා 02 කදී සිරස්තල සමඟ ප්‍රවෘත්ති පලකර තිබුණා. එම ප්‍රවෘත්ති පල කල සීමාසහිත සිලෝන් නිවුස් පේපර්ස් (පුද්ගලික ) සමාගමට, මව්බිම ප්‍රධාන කතෘ තුෂාර ගුණරත්තනට, ප්‍රවෘත්ති 2 කට අදාල මව්බිම වෙනුවෙන් වාර්තාකළ අනුරාධා හේරත්ට, මහජතාව නොමගයවන සහ ඉතා අපහාසාත්මක ප්‍රවෘත්ති පළ කරේ යැයි යන චෝදනාව මත වන්දි ඉල්ලා ලිපි යවා ඇති බව සඳහන් වෙනවා. කෝටි 100ක් ඉල්ලා මෙසේ ලිපි යවා ඇත.

“කෝටි 180 ගල් අඟුරු වංචාවට ජනතා විමුක්ති පෙරමුණ චම්පික නම් කරයි” හා “ටෙන්ඩර් හොරකමේ මූලික වගකිවයුත්තා පාඨලි චම්පික රණවකයි” යන මාතෘකා යටතේ එම පුවත්පත පළකිරීම කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගෙන්ද මහජනතාව තදබල ලෙස නොමග යවන සහ අසත්‍ය, ද්වේශසහගත, අපහාසාත්ම තොරතුරු හිතාමතාම ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇමති චම්පික විසින් රුපියල් මිලියන දහයක වන්දි මුදලක් ගෙවන ලෙස ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here