Friday, May 17, 2024

කිසිඳු ආයෝජකයෙකුට ලංකාව තුළ කැසිනෝවලට ඉඩ නෑ – අගමැති

ඊයේ සිංගප්පූරුවේ ජාත්‍යන්තර ව්‍යවසාය සංවිධානයේ මෙහෙයවීමෙන් ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති ව්‍යාපාරික හමුව අවස්ථාවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, කැසිනෝ සඳහා කිසිදු ආයෝජකයෙකුට ශ්‍රී ලංකාව තුළ ඉඩකඩ ලබා නොදෙන බවයි. අනාගත ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දිරිදෙන ක්ෂේත්‍ර සම්බන්ධව ඊයේ සාකච්ඡා කෙරුණා. එහිදී එක් ව්‍යාපාරිකයෙකු ප්‍රශ්න කළේ පසුගිය රජය කැසිනෝ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ඇරඹිම සඳහා සුප්‍රකට ව්‍යාපාරිකයන්ට අවස්ථා සැලසීමට ක්‍රියා කළ අයුරින් වත්මන් රජය ද කැසිනෝ ව්‍යාපාර දිරිමත් කරනවාද බවයි. කිසිදු ආයෝජකයෙකුට අලූතෙන් කැසිනෝ ව්‍යාපාර ඇරඹිම සඳහා ශ්‍රී ලංකාව තුළ කිසිදු ඉඩකඩක් ලබා නොදෙන බවයි පිළිතුරු දෙමින් අගමැති පවසා ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරේ, රට සංවර්ධනය සඳහා කැසිනෝ ව්‍යාපාර උපකාරී කර ගැනීම යහපාලන රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි. මෙම ව්‍යාපාරික හමුවට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සිංගප්පූරුවේ ප්‍රමුඛ ව්‍යවසායකයින් රැසක් එක්ව සිටියා. ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වන අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් විසින් කරුණු ඉදිරිපත් කරා. විශ්වාසයෙන් යුතුව ආයෝජනය කිරීමේ පරිසරයක් දැන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙමින් පවතින බව මෙම හමුවට එක්වූ සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය S. ඊස්වරන් මහතා පැවසුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles