ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තීරුබදු සහන ගිවිසුමක්

0
348
USA, Sep 24 (ANI): Prime Minister Narendra Modi in a Bilateral Meeting with the Prime Minister of Australia Scott Morrison, in Washington DC on Thursday. (ANI Photo)

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ආර්ථික සහයෝගිතා ගිවිසුමක් අත්සන් තබා ඇති අතර ඊට ඉන්දියාවේ කැබිනට් මණ්ඩලයෙන් සහ ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලැබුණු පසු අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ දිනයක සිට බලාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම වෙළඳ ගිවිසුම බලාත්මක වීමත් සමඟ සම්භාණ්ඩ, රෙදිපිළි, ස්වර්ණාභරණ සහ යන්ත්‍රෝපකරණ කර්මාන්තයේ ඉන්දියානු අපනයනකරුවන්ට ඕස්ට්‍රේලියානු වෙළඳපොළට තීරුබදු රහිත ප්‍රවේශය ලැබෙනු ඇති බව සදහන් වේ.

එහිදී ඉන්දියානු නිෂ්පාදන 6,000කට අධික සංඛ්‍යාවක් සදහා ශුන්‍ය තීරුබදු සහනය ලබා ගත හැකි වනු ඇති බව පැවසේ.

මේ යටතේ වසර දහයක කාලයක් ඉන්දියාව විසින් ඔස්ට්‍රේලියානු වයින් සඳහා තීරුබදු සහන ලබා දීමට ද එකඟතාවය ඇති කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here