Friday, May 3, 2024

ඇෆ්ගනිස්තානය සතු ඩොලර් ට්‍රිලියන 03 කට චීනයේ බැල්ම

ඇෆ්ගනිස්ථානය සතු ඩොලර් ට්‍රිලියන 3 ක් වටිනා ඛනිජ සම්පත් සහ දුර්ලභ පාෂාණ සතු කර ගැනීම සදහා චීනය දැඩි උනන්දුවක් දක්වන බව වාර්තා වේ.

එක්සත් ජනපදය පදනම් කරගත් ස්වාධීන මාධ්‍ය කණ්ඩායමක් වන Global Strat View සදහන් කරන්නේ මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට නිල පිළිගැනීමක් ලබා දී ඔවුන් සමග සබදතා ඇරඹීමට චීනය උත්සහ දරන බවයි.

පසුගිය මාර්තු 24 වන දින චීන විදේශ අමාත්‍යවරයාගේ ඇෆ්ගනිස්ථානයේ නිල නොවන සංචාරයේ අරමුණ එය බව ද එම කණ්ඩායමේ අදහස වී තිබේ.

චීන විරෝධී නැගෙනහිර තුර්කිස්තාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානය සිය ආරක්ෂිත නවාතැන ලෙස භාවිතා කරනු ඇති බවට ද චීනය තුළ සැකයක් පවතින අතර එය පාලනය ද ද චීනය තලේබාන් පාලනයට පිළිගැනීමක් ලබාදීමට කටයුතු කිරීම පසුපස ඇති තවත් හේතුවක් ලෙස විශ්වාස කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles