මකර අධිරාජ්‍යයෙන් සිහල දේශය මුදවා ගැනීමට භාරතයෙන් විදුලී සැර…

0
653
india china

දෙරට අතර විදුලි සම්ප්‍රේෂණ ජාල සම්බන්ධ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ එමගින් දිවයිනට ඇති චීන බලපෑම් අඩුකිරීමට ඉන්දියාවට අවස්ථාවක් ලැබෙන බවයි. ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී ඇති බවත් එම වාර්තාවේ සඳහන්.

දෙරට බලධාරීන් අතර එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ ද එමගින් ශ්‍රී ලංකාව මුහුණදී ඇති විදුලි අර්බුදයට කඩිනම් විසඳුම් නොලැබෙන බව සඳහන්. වසර ගණනාවක් ගතවිය හැකි මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මීට පෙර ද දෙරට අතර අදහස් හුවමාරු කරගෙන තිබු බවට මිට පෙර මාධ්‍ය වාර්තා කර සිටියා.

“එම සාකච්ඡා පවතින්නේ ඉතාම මූලික අවදියේ,” විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්ත පෙරේරා රොයිටර්ස් පුවත් සේවය ට පවසා තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් හෙළිකර තිබුනේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here