Monday, May 6, 2024

ආන්ඩුව 103 ට බහි…

ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සරළ බහුතරය වන (113) ආසන ප්‍රමාණය ද අහිමි වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව; ආණ්ඩු පක්ෂය පසුගිය මහ මැතිවරණයේ දී ජාතික ලැයිස්තුව ද සමග ආසන 145 ක් ලබා ගත් අතර, පසුව වෙනම තරග කරන ලද පිල්ලෙයාන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද, ඩග්ලස් දේවානන්ද සහ ඒ.එල්.එම්. අතාවුල්ලා යන මන්ත්‍රීවරුන් ද සමග ආසන ගණන 149 දක්වා ඉහළ ගියේය. කතානායකවරයා ඉවත් කළ විට එම ගණන 148 ක් විය.

පසුව, 20 වෙනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා තුනෙන් දෙකේ බහුතරය ලබාගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ද එක් කර ගැනීමට ආණ්ඩුව සමත් විය. එසේ ඉවත් වූ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (අප්‍රේල් 20) ආණ්ඩුවෙන් ඉවත් වී තිබේ.

ශ්‍රීලනිප, පක්ෂ 11 එකමුතුව සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ අනෙකුත් මන්ත්‍රීවරුන් පිරිස ද විපක්ෂයට එක් ව සිටින අතර, විශ්වාසදායක ආරංචි මාර්ග අනුව මහින්ද රාජපක්ෂ අගමැති තනතුරෙන් ඉවත් විය යුතුය කියන තවත් 14 දෙනෙකුට ආසන්න මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් ඒ පිළිබඳ එකඟතාවයකින් යුතුව ලිපියක් භාර දී තිබේ.

ඒ අනුව, ආණ්ඩුවට ආසන 103 කට ආසන්න ප්‍රමාණයක් පමණ ඉතිරි වී විරුද්ධ පක්ෂයට ආසන 121 ක් පමණ ඒකරාශී තිබෙන බව ද වාර්තා වේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles