එකම පවුලේ අයියා – මලෝ පෝරකයට…

0
404

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුට මාතර මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

මහාධිකරණ විනිසුරු ධමිත් තොටවත්ත මහතා මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

2006 වසරේ ඔක්තෝබර් මස 09 වැනිදා අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ දී  50 හැවිරිදි පුද්ගලයෙකු පහර දී ඝාතනය කළ බවට එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි.

ඔවුන් දෙදෙනාට එරෙහිව මාතර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබූ අතර දීර්ඝ කාලයක් එම නඩුව මහාධිකරණයේ දී විභාගයට ගැනිණ.

ඒ අනුව අද එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර සහෝදරයින් දෙදෙනාට මරණ දඞුවම නියම කර ඇත.

මෙලෙස මරණ දඬුවම නියම වී ඇත්තේ අකුරැස්ස, විල්පිට ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සහ 33 හැවිරිදි  පුද්ගලයින් දෙදෙනෙකුට බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here