28 වෙනිදට චම්පිකලා කරන්න යන දේ..

0
637
strike

රට තුළ පවතින දැඩි වියවුල්කාරී දේශපාලන වාතාවරණය හේතුවෙන් මේ වනවිට විශාල ආර්ථික අවපාතයකට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති බව ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, ආර්ථික උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක තම වෘත්තිය ද දැඩි අපහසුතාවක පත්ව ඇති බවයි.

මේ හේතුවෙන් රටේ පවතින අර්බුද තුළින් යළි ගොඩගැනීමට අද වනවිට අඛණ්ඩව ගාලුමුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික අරගලයට සහාය දැක්වීමට එළඹෙන 28 වැනි දින ඇරඹෙන එක් දින රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෘත්තීය වැඩ වර්ජනයට තම සංගමය ද සියලු ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරින් හා එක්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම ඉදිරියේ දී ද ක්‍රියාත්මක වන ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයකට තැපැල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික සහ විධායක නිලධාරින්ගේ සහාය ලබාදෙන බව ද ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චම්පික පෙරේරා මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here