පාකිස්තානයේ ප්‍රමුඛතම බැංකුවකට සයිබර් ප්‍රහාරයක්.

0
499
A man types on a computer keyboard in this illustration picture February 28, 2013. REUTERS/Kacper Pempel/Illustration/File Photo

පාකිස්තානයේ සයිබර් අපරාධ පසුගිය දින කිහිපය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර රටේ ප්‍රමුඛතම බැංකුවකට අනුබද්ධ බොහෝ ණය කාඩ්පත්වල දත්ත සොරාගැනීමට ද ලක්ව ඇති බව වාර්තා වේ.

විදේශීය සයිබර් අපරාධකරුවන් පිරිසක් මීට වගකිව යුතු බවත් ඔවුන් සොරාගත් දත්ත යොදාගෙන විදේශ මුදල්වලින් වංචනික මූල්‍ය ගනුදෙනු සිදු කර ඇති බවත් සදහන් වේ.

මෙම වංචනික ගනුදෙනු පාකිස්තාන රුපියල් වෙනුවට ඩොලර් වටිනාකම්වලින් සිදු කර ඇති බව සීමාසහිත යුනයිටඩ් බැංකු උසස් නිලධාරියෙකු මාධ්‍යයට තහවුරු කර තිබේ.

මෙම සිදුවීම්වලින් පසු සියලුම ගනුදෙනුකරුවන්ගේ ඩෙබිට් කාඩ්පත් හරහා සිදුකරන ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here