ඇෆ්ගනිස්ථානයේ සිට ගෙන එන ලද අවි තොගයක් පකිස්තානයේ දී අත්අඩංගුවට

0
636

ටෝර්කාම් දේශසීමා හරස් මාර්ගයේදී පාකිස්තාන රේගු බලධාරීන් විසින් ඇෆ්ගනිස්ථානයේ සිට හොර රහසේ ආයුධ ගෙන ඒමේ උත්සාහය ව්‍යර්ථ කර ඊට සම්බන්ධ ට්‍රක් රථ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඇමරිකාවේ නිෂ්පාදිත පිස්තෝල පහක්, තුර්කි පිස්තෝලයක් සහ උණ්ඩ දහස් ගණනක් සොයා ගත් බව රේගු නිලධාරීයෙකු පැවසීය.

රේගු අතිරේක නිළධාරී මුහම්මද් තයාබ් මාධ්‍ය වෙත පැවසුවේ ඔත්තුවක් මත ක්‍රියාත්මක වූ ඔවුන් ඇෆ්ගනිස්ථානය දෙසින් පැමිණෙන වාහන පරීක්ෂා කිරීම ආරම්භ කළ බවත් ගල් අඟුරු පටවාගත් ට්‍රක් රථයක් සෝදිසි කිරීමේදී මෙම ආයූධ සොයාගත් බවත්ය.

ඇෆ්ගනිස්ථානයේ පදිංචි ඛියාල් මුහම්මද් නමැති රියදුරු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇෆ්ගනිස්ථානයේ සිට පකිස්තානයට ආයුධ ගෙන ඒමේ ජාවාරම් දිනෙන් දින ඉහළ යමින් පවතින අතර එය පාකිස්තාන බලධාරීන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බව එම නිලධාරියා පැවසීය.

ඔහු පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ සිට නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන ලෙස රේගු නිලධාරීන්ට දැඩි ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here