Thursday, May 2, 2024

ඇෆ්ගනිස්ථානයේ දේශසීමා වෙළෙඳපොලවල් වසා දැමේ.

ඇෆ්ගනිස්ථානයට නීතිවිරෝධී භාණ්ඩ, විශේෂයෙන්ම වෙළඳ භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා තලේබාන් මුදල් අමාත්‍යාංශය සියළුම දේශසීමා වෙළඳපොලවල් වසා දමා තිබේ.

දේශසීමා වෙළඳපොල පිළිබඳ ගැටළුව තීරණාත්මක වූ බවත් ඇතැමුන් එහි වාසිය ලබාගෙන නීතිවිරෝධී ලෙස භාණ්ඩ ආනයනය කරන නිසා ඒවා සියල්ලම වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශක අහමඩ් වලි හක්මාල් පැවසීය.

ඇෆ්ගනිස්ථානයේ කර්මාන්ත හා පතල් මණ්ඩලයට අනුව, වෙලඳපොලවල් වසා දැමීමෙන් රටට භාණ්ඩ, විශේෂයෙන්ම භාණ්ඩ නීත්‍යුනාකූල ලෙස ආනයනය කරන පාර්ශව සදහා වාසි හිමිවනු ඇත.

දේශසීමා වෙලඳපොලවල් වසා දැමීම හොඳ පියවරක් වන බවත් එමගින් ඇෆ්ගනිස්ථානයට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවත් කර්මාන්ත හා පතල් මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී සකී අහමඩ් පේමන් පැවසීය.

මීට පෙර මෙම වෙළඳපල හරහා භාණ්ඩ නීතිවිරෝධී ලෙස ආනයනය කර ඇති අතර ඒවා මත තත්ත්ව පාලනයක් නොතිබු බව ද ඔහු පැවසීය

එහෙත් ඇෆ්ගනිස්ථාන වාණිජ හා ආයෝජන මණ්ඩලයේ සාමාජිකයෙකු පැවසුවේ මෙම වෙළඳපලවල පුද්ගලයින් 400 කට ආසන්න පිරිසක් සේවය කරන බවත් මෙම තීරණය දේශසීමා මායිම් ප්‍රදේශවල ජීවත් වන අයට ගැටළු ඇති කරන බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles