ඇෆ්ගන් පාසල්වලට එල්ල වූ ප්‍රහාර මිතුරෝත් හෙළා දකිති.

0
496

කාබුල් හි පාසලකට එල්ල වූ ප්‍රහාර තුර්කිය සහ කටාර් රාජ්‍යය විසින් දැඩිව හෙළා දැක තිබේ.

තුර්කියේ සහ කටාර්හි විදේශ අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ, එම ප්‍රහාර රටේ මානව හිමිකම්වලට අහිතකර ලෙස බලපානු ඇති බවයි.

සිවිල් වැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන බවත් විශේෂයෙන් අධ්‍යාපන ආයතන, ගුරුවරුන් සහ සිසුන් ඉලක්ක කර ගත් ප්‍රහාරයන් හෙළා දකින බවත් කටාර් විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එවැනි ප්‍රහාර කාබුල්හි ආර්ථිකයට, සංවර්ධනයට සහ මානව හිමිකම් තත්ත්වයට ද බලපානු ඇති බව තුර්කි විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අප්‍රේල් දා කාබුල්හි ද්විතීයික පාසලක සහ අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීම් තුනක් සිදු වූ අතර එහි දී ළමුන් 6 දෙනෙකු මිය ගොස් තවත් 24 දෙනෙකු තුවාල ලැබීය.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here