වසර 23ක් පැරණි චීන පුවත් අඩවියක් වසා දැමේ.

0
659

චීන දේශපාලන ප්‍රවෘත්ති සහ විවරණ සඳහා ප්‍රසිද්ධ චීන වෙබ් අඩවියක් වන Duowei, වසර 23 ක මෙහෙයුම් අවසන් කරමින් සිය වෙබ් අඩවිය සහ ජංගම යෙදුම නවතා දැමීමට තීරණය කර තිබේ.

මුලින් චයිනීස් නිව්ස් නෙට් ලෙස නම් කරන ලද මෙම වෙබ් අඩවියෙන් සියලුම අන්තර්ගතයන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇත.

සමාගමේ මෙහෙයුම් වල සිදුකරන වෙනස්කම් හේතුවෙන් වෙබ් අඩවිය වසා දැමූ බවට දැන්වීමක සඳහන් වේ.

එහි හිමිකරු වන්නේ හොංකොංහි ලැයිස්තුගත සමාගමක් වන Nan Hai Corporation, මෙන්ම HK01 ප්‍රවෘත්ති සේවය ද හිමි යූ පුන්-හෝයි ය.

ඔහු වරක් හොංකොං පුවත්පතක් වන් මිං පාඕ හි ද හිමිකරු විය.

Duowei පුවත් හි කාර්ය මණ්ඩලය 50 ත් 60 පමණ වූ අතර, සමාගම වසා දැමීම හේතුවෙන් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here